Tuesday, January 3, 2017

මුලින්ම කියන්න ඕනෙ මේ කතාව බලන අයට පොඩි ඉන්ග්‍රීසි දැනුමක් තියෙනවනම් හොදයි. හරි දැන් කතාවට බහිමුකෝ. මේක ජෝජ් ඩබ්. බුෂ් ඇමරිකාවෙ ජනාධිපති වෙලා හිටිය කාලෙට සම්බන්ද එකක්. දැන් එහෙම එකෙක්ව මතක නැත්තන් ඒ කාලෙ හිටපු එකෙක්ගෙන් අහන්න. හැමෝම දන්නවනෙ ඔසාමා බින් ලාඩ්න් ඇමරිකාවෙ ලෝක වෙළද මධ්‍යස්ථානෙට ගහපු එක. ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ, කුඩුවෙන්නම ගැහුවනේ. ගහල ඉවරවෙලා ඔසාමා හැන්ගුනා. දැන් බුෂ් තමන්ගෙ මුලු හමුදාවම දාල මූව හෙව්වත් මේකගෙ මයිල් ගහක්වත් හොයාගන්න උනේ නෑ. මේකට බුෂ්ටත් හෙනට අප්සෙට්. මොකද තමන්හෙ රටට ඇවිල්ල ගහපු එකාව හොයාගන්න බෑ කියන්නෙ එසේ මෙසේ පල් එකක්ද? එකත් ලෝකෙ තියන හොදම තාක්ශනික යුධ උපකරන තියාගෙන. දැන් බුෂ් දහ අතේ කල්පනා කරනව මේ වැඩේට මොකද කරන්නෙ කියල. කොච්චර හෙව්වත් ඔසාමව හම්බවෙන්නෙත් නෑ. ඊට හපන් දැන් අනිත් රටවලුත් බුෂ්ට කින්ඩිය දානව කෝ ඔසාමව හොයාගත්තද කියල. මෙහෙම ඉන්නකොට බුෂ්ට හොද ගණ දෙවි නුවණක් ආව. බුෂ් ඇමරිකන් media වලින් මුලු ලෝකෙටම ප්‍රචාරයක් යැව්වා "ඇමරිකන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රහාර වලින් ඔසාමා මරණයට පත්වෙලා තිබෙනවා, මේ දිනවල එහි ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. වැඩි විස්තර පසුව බලාපොරොත්තුවන්න" කියලා. බුෂ් මෙහෙම කිව්වෙ තව කල් අරගෙන ඒ කාලෙ ඇතුලත කොහොමහරි ඔසාමව අල්ලගන්න බලාගෙන. දැන් කොහොමහරි මේ කතාව ඔසාමා බින් ලාඩ්න්ටත් ආරන්චිඋනා. මිනිහට මේකට ධවල මණ්දිරේට ඇවිල්ල බුෂ්ගෙ හොම්බට දෙකක් අනින්න තරම් කේන්තියි. ඇයි යකෝ මූ මේ හොදට ඉන්න මම මැරුන කියල බොරු ප්‍රචාර යවනවනෙ. හැබැයි මේ වෙලාවෙ වැඩිය එලිපහලියට එන එක එච්චර හොද නෑ කියල ඔසාමට තේරුනා. හැබැයි මේ කරපු දේට බුෂ්ටත් මොනාහරි රිටර්න් එකක් දෙන්න ඕනෙ හින්දා ඔසාමා තමන්ගෙම අත් අකුරෙන් ලියපු ලියුමක් බුෂ්ට යැව්වා. ඔසාමා දන්නව ලියුම දැකපු ගමන් බුෂ් දැනගන්නව තමන් තාම මේ ගේම් එකේ ඉන්නව කියලා. ඔන්න කොහොම හරි ලියුම බුෂ්ගෙ අතටම ලැබුනා. ලියුමෙ තියෙන්නෙ මෙන්න මේ ටික විතරයි.

....31OHSSV O113H......

දැන් ඉතින් ඕක දිහා බලාගෙන කල්පනා කරන්න එපා. මොකුත් තේරෙන්නෙ නෑනේ. ඔයාලට විතරක් නෙවේ බුෂ්ටත් මොකුත් තේරුනේ නෑ. හැබැයි බුෂ් කලබල උනේ නෑ. මොකද සමහර විට මේක රහස් භාෂාවකින් ලියපු එකක් වෙන්න ඇති, පස්සෙ කාටහරි දීල මේකෙ තියන එක අහගන්නව කියල බුෂ් හිතුවා. ඔන්න එතකොටම කොන්ඩලීස රයිස් නෝනත් මෙතනට ආව. ඒ කාලෙ ඇමරිකාවෙ රාජ්‍ය ලේකම් වෙලා හිටියෙ එයා තමා. බුෂ් ඉතින් මුලින්ම ලියුම එයාගෙ අතට දුන්නා. එයත් ටිකක් වෙලා බලන් ඉදලා "මටත් මේක තේරෙන්නෙ නෑ සර්, අපි මේක CIA එකට දෙමු. උන් ටික පටස් ගාල මේකෙ තේරුම හොයල දෙයි" කිව්වා. ඔන්න ඊට පස්සෙ මේ ලියුම CIA එකට දෙනවා. උන් ටිකත් සතියක් විතර දගලල "සර්, මේකෙ තියෙන්නෙ මොකක්ද කියල හරියටම කියන අමාරුයි. සමහරවිට මේක කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති" කියල කිව්වා. මේ කතාවට ටිකක් කේන්ති ගිය බුෂ්, තමුසෙලට බැරිනන් නිකන් ඉන්නව. මම මේක දෙනව FBI එකට කියල FBI එකට මේ ලියුම දුන්නා. හැබැයි ඒකෙනුත් වැඩක් නම් උනේ නෑ. දැන් බුෂ් කල්පනා කර කර ඉන්නවා කාටද මේක දෙන්නෙ කියලා. ඔහොම ඉන්නකොට රයිස් නෝනා කියනවා "සර්, අපි මේක NASA එකට දෙමු. කවුද දන්නෙ මේක aliensලගෙ වැඩක්ද කියල". ඔන්න ඊට පස්සෙ මේක දෙනවා NASA එකට. ඒ set එකත් මේ ලියුම බලලා " අපිට හමුවුන සියලුම භාෂා, පිටසක්වල ජීවී තොරතුරු සේරම පරික්ශා කරල බැලුවා. ඒත් අපිටත් බැරිවුනා මේ ලියුම ලියල තියන භාෂාව අදුනගන්න" කියල කිව්වා. මේක ඇහුවම බුෂ් ලොක්කට තව කේන්තියි. එහෙන් ඔසාමව අල්ලගන්න බෑ. මෙහෙ මේ කෙහෙල්මල් ලියුමක් වද දෙනවා. හැබැයි මොනව උනත් බුෂ්ට මේ ලියුම නිකම්ම විසි කරන්න හිතෙන්නෙත් නෑ. බුෂ්ගෙ හිත කියන්නෙම මේකෙ මොකක් හරි ඇති කියලා. ඒ උනාට දැන් මේක දෙන්න එකෙකුත් නෑ. ඔහොම ටික දවසක් කල්පනා කර කර ඉන්න කොට බුෂ්ගෙ ටිකිරි මොලේට තව idea එකක් එනවා. ඒ තමා තමන්ගෙ ෆිට් එක වෙච්ච ඊශ්‍රායලය. ඊශ්‍රායලෙත් තියනව හොද බුද්ධි අන්ශයක් Mossad කියලා. අන්තිමපාරට උන්ටත් මේ ලියුම දීල බලනවා. බැරි උනොත් මේ මගුල පුච්චල අලු ටික නයගරා ඇල්ලට දානව කියල බුෂ් හිත හදා ගත්තා. ඔන්න කොහොමහරි බුෂ් ඊශ්‍රායලේට ගිහින් එහෙ පොඩි රවුමක් ගහල Mossad එකේ ලොක්කෙක් හම්බවෙලා. " මට මේ පොඩි ලියුමක් ආව, මේකෙ තියන එක පොඩ්ඩක් බලල දෙන්නකො" කියලා දුන්න. දැන් අර මෑන් ලියුම අරන් office එක ඇතුලට ගියා. ගිහින් හැරෙන තැපෑලෙන් ආයෙ ආවා. ඊට පස්සෙ හෙන ගහනව වගේ මෙහෙම කිව්වා, "සර්, ඔබතුමා ලියුම අල්ලගෙන ඉදලා තියෙන්නෙ වැරදි පැත්තට" =D
දැන් ශේප් එකේ ඔලුව ටිකක් හරවලා ලියුමෙ තිබ්බ දේ බලන්නකෝ. උඩුබැලි අතට හිනා වෙන්නෙ පරිස්සමට හොදේ.  :v :v

Saturday, September 24, 2016

හායි කොහොමද?ගොඩ කාලෙකින් ආයෙත් ඇවිත් යන්න ආවා 😊

* කොල්ලො සැට් එකක් ගත්තොත් මේ වගේ එවුන් ඉන්නවමයි *
1.කට්ටිය සෙට් වෙලා කයියක් දාගෙන ඉද්දි අයිනක් ගහගෙන කාගෙහරි ෆෝන් එකකින් දවසෙම  බලන වැලයෙක්
2.සිංහල රැප් පිස්සුව ගහල ගොන්පාට් දාන නිග්ග යෝයෝවාදියෙක්
3.බියර් ටින් බාගයක් බීල බාර් එකම බිව්ව වගේ බොරුවට ඩෝප් පාට් දාන එකෙක්
4.කට්ටිය සම්පින් එක දාල කද්දි බොද්දි රු.20ක් 30ක් දාල රු.500ක විතර කන බොන කාඳාලියෙක්
5.වලියක් සෙට් වෙද්දි ගමකට ගහන්න වගේ පොරටෝක් දීල වලිය ඕගනයිස් උනාම අතුරුදහන් වෙන එකෙක්.
6.කොල්ලො ටික සෙට් උන වෙලාවටත් ෆෝන් එක අතේ තියන් මෙලෝ සිහියක් නැතුව කෑල්ලත් එක්ක මෙසේජ් කර කර ඉන්න LMS කාරයෙක්.
7.කාගෙහරි ෆෝන් එකක් අහුවුනොත් ඒකෙ තියෙන හැම හු*තම බ්ලූටුත් කරගන්න ෆෝන් මරුවෙක්.
8.උගේ ගෙදරට ගියොත් ජනාධිපතිගෙන් උනත් වැඩ කරවගන්න පූරුවෙ ජාතියෙ ණයකාරයෙක්.
9.අනිත් හැම එකාගෙම කෑලි එක්ක ෆ්රෙන්ඩ්ෂිප් පාට් එකෙන් මෙසේජ් කර කර කනෙක්ෂන් එක තියාගන්න එකෙක්
10.හැම මගුලම දන්න එකා වගේ හැම එකටම උපදෙස් දෙන වෘත්තීය උපදේශකයෙක්
11.කෙල්ලො අරහං ටෝක් දීගෙන යටි හිතේ සේරම හංගගෙන ඉන්න ව්යාජ බ්රහ්මචාරියෙක්.
12.'බො' යන්න කියනකොටම පර්ස් එක ඇරල සල්ලිත් එළියට ගන්න රියල් බෙබෙක්
13.ගෝල්ඩ්ලිෆ් පාරක් සෙට් වෙනවනම් පණ උනත් දෙන ධූමරංග කෙනෙක්.
14.වෙන එකෙක් අළුතින් ඇඳුමක් ගෙනාවොත් ඒක අරන් ගිහිං පට්ට ගහන (සුදු)රෙදි හොරෙක්.
15.පර්ස් එකේ අහුමුළුවල සල්ලි සල්ලි ගහගෙන සල්ලි නෑ කියන කූමැහියෙක්.
16.ෆෝන් එකට මෙසේජ් එකක් දැම්මම දවස් 2කට විතර පස්සෙ රිප්ලයි කරන එකෙක්.
17.අපායකට ගියත් සෙල්ෆියක් ගහගන්න ෆොටෝග්රැපර් කෙනෙක්.
18.කෙල්ලො සෙට් 1ක් ඉන්න් තැනකින් යද්දි හැසිරීම් රටාව සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා එතන පොර වෙන්න දඟලන
ජාත්යන්තර කොබෙක්.
19.සැට් එකත් එක්ක බස් එකේ යන වෙලාවට හෙමිහිට කතාකරන්න තේරෙන්නැති,ගමටම ඇහෙන්න කතාකරන ලවුස්පීකරයක්.
20.තුන්සිය හැටපස් දවසෙම 24 පැයේම FB ඔන්ලයින් ඉන්න,මාක් සකර්බර්ග්ගෙ සුවච කීකරු සේවකයෙක්.
21.දකින දකින කෙල්ලට විහිළු කර කර පස්සෙන් ගියත් තාමත් කෑල්ලක් නැති එකෙක්
22.වැරදිලාහරි FB එකේදි චැට් එකට අහු උනොත් දුම්මල ගහලවත් එලවගන්න බැරුව දිගටම රිප්ලයි කරන, 'එල එල
' කියල යැව්වත් චැට් එක නවත්තන්නෙ නැති එකෙක්.
23.කොයිතරම් වැදගත් තැනකට ගියත් වැද විදියට ඉන්න තේරෙන්නැති ඩස්පියෙක්.
24.කට ඇරියත් කුණුහරුපයක් රිලීස් කරන වාචාල ඇම්ඩෙක්
25.එක දවසක් අඩියක් ගැහුවොත් ඒක හැමතැනම කියව කියව යන සෝබන කාරයෙක්.
26.කොයි වෙලාවෙ බැලුවත් ෆෝන් එක waiting/busy වෙන මල් කඩන්නෙක්.
28.බිස්කට් පැකට් එකක් ගෙනාවොත් යුද්ධ කරලහරි ඒකෙන් වැඩිපුර කොටහක් කන කෑඹලයෙක්.
29.බත් එකක් දිග ඇරියොත් හැමදාම බිත්තරේට කෙලින මංකොල්ලකාරයෙක්.
30.පර්ස් එක ඇතුලෙ ටිෂූ කොල දාගෙන ඉන්න මල් කරයෙක්.
31.කොලුකාරයා කියන කාඩ් එක වැදිච්ච ඒත් එහෙම චාටර් වැඩ නොකරන නාමික කොළුකාරයෙක්
32.අඩියක් ගැහුවොත් හැමදාම කබරයා දාල චොර වෙන ඩෑල් එකක්
33.ඇට සැකිල්ලක් වගේ කෙට්ටු උනාට වේලකට හාල් සේරු තුන හතරක බත් කන බඩජාරියෙක්.
34.හීන් තාලෙන් ඉන්න ගමන් කෑලි 4ක් 5ක් සෙට් කරගෙන ෂේප් එකේ ඒ ටික මැනේජ් කරගෙන ඉන්න අනංගයෙක්.
35.දැන් ලෝක බේබද්දෙක් වෙලා ඉන්න ඉස්සර හිටපු සුපිරි මීටරයක්.
36.කෙල්ලෙක් කිව්වොත් කක්කුස්සි වලකට වැටිච්ච කොස් ඇටයක් උනත් අරන් දෙන්න ඉදිරිපත් වෙන පැණියෙක්.
37.බර වැඩක් සෙට් උනාම බොරු බිසියක් දාල මාරුවෙන අයිස් කාරයෙක්.
38.තමන් ලස්සනයි කියල හිතාගෙන ගොන් ස්ටයිල් කරන, ගූ කොන්ඩ කට් කපාගෙන ඇවිත් ලස්සන දැයි කියා අසන ගස් ගොබිලයෙක්.
39.උන්ගෙ තාත්තා,අයියලා ඒ පැත්තේ හෙන පොරවල් යැයි කියමින් බොරු පොයියවල් ගහන පොයිසෙල් කෙනෙක්
40.හූනෙක්වත් මරාගන්න බැරිඋනාට මිනීමරු ටෝක් දෙන වාචික මැරයෙක්.
41.ඕන එකෙක්ට ඕන වෙලාවක ණයට සල්ලි දෙන මහ බැංකුවක්.
42.දානෙ ගෙයක්,තොවිල් ගෙයක්,මළගෙයක් නිසා ගොක් කොලයක් එල්ලුවේ කොතනද,එතන ඉන්න එකෙක්.
43.කෝස් එකෙන් පස්සෙ ලක්ෂ 10-15ක පඩි දෙන රස්සාවක් හම්බෙන බව කියා පොරටෝක් දෙමින් ප්රයිවට් කෝස් එකක් කරන ඩයල් එකක්.
44.ගෙදරින් දාපු පට්ට දණඩ නීති සංග්රහයකට යටත් වෙලා ඉන්න අසරණයෙක්.
45.පඩයක් ගියත් ඒකත් විද්යාත්මකව පහදන්න හදන විද්යාඥයෙක්.
46.හොඳ පොරක් සෙට් උනාම ඌට පැන පැන පු* දී ඌව ෆිට් කරගන්න දඟලන පු*දෙන්නෙක්.
47.බෲස්ලිගෙ ෆිල්ම් එකක් එහෙම බලල ආවට පස්සෙ වටේ පිටේ ඉන්න එවුන්ට කරාටි පාට් දාන වෙන්ඩ ෆයිටර් කෙනෙක්.
48.කාර් පිස්සුවක් හෝ බස් පිස්සුවක් ඉහට ගැසීම නිසා අතට අහුවෙන කොලවල කාර් වල රූප අඳින රථගායෙන් පෙලෙන්නෙක්.
49.කොහේ ගියත් කොක්කක් දාගෙන ගුටි කාල එන එකෙක්.
50.හෑන්ඩ්ෆ්රී එකත් කනෙ ගහගෙන දවසෙම මනෝ ගහන මනෝරාජ් කෙනෙක්.
51.නාකි වැඳිරියෙක් දැක්කත් ඒකටත්  ලයින් කරන ලෝක බඩුකාරයෙක්.
52.කිඹුහුමක් ගියත් ඒකටත් ආදරේ සම්බන්ධ කරල ලව් ටෝක්ස් දෙන වැලන්ටයින් සාමි කෙනෙක්.
53.කක්කුස්සියට ගියත් ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාන ලයික් හිඟන්නෙක්.
54.එනව එනව කියල ෂුවර් කරගෙන ඉඳල අන්තිම මොහොතෙ ෆෝන් ඕෆ් කරගන්න එකෙක්.
55 අධ්යාපන දෙපාර්තමේන්තුවට ගියත් සාක්කුවෙ ගිනි පෙට්ටියක් දාගෙන යන එකෙක්.
56.වල ගහනවැයි කියල පිටට පෙන්නගෙන ඉඳල ගෙදර ගිහිං හොරාට පාඩම් කරන එකෙක්.
57.උන්ගෙ ගමේ ඉන්න හැම කෙල්ලෙක් ගැනම විස්තර දන්න.කෙල්ලගෙ උප්පැන්න සහතිකේ,චරිත සහතිකේ,වෛද්ය සහතික ඔක්කොම ගන්න පුලුවන් රෙජිස්ට්රාර් කාර්යාලයක්.
ෂෙයා කර සිනහව බෙදාහදා ගැනීම හෝ කමෙන්ට් මගින් මිතුරන් මෙන්ෂන් කර සිනහව ත්යාග කිරීම උතුම් මනුෂ්යය ගුණාංගයකි.
-උස්සපු එකක්-

Friday, February 19, 2016

the මළගෙදර බුරුවා

මළගෙදරක් කියන්නෙ ඉතින් අපි වගේ හැදෙන වයසේ ඉන්න කොල්ලන්ට මගුල් ගෙයක් වගේ තමයි වැඩිහිටියන්ගෙ අවසරය ඇතිව සතියක් වගෙ ගෙදරින් පිට ඉන්ට හම්බෙනවා කෑම බීම නොමිලේම හම්බෙනවා යාලුවෝ සෙට් වෙනවා සමහරවිට කෑල්ලක් එහෙමත් ලයින් කරගන්ට පුලුවන් සුපිරි ස්තානයක් තමයි (තිතක්)

               කොහොම උනත් මළගෙදරක් කියන්නේ ගොඩක් දුරට තරුණ කොල්ලෝ නොමගට යන තැනක් හා නැද්ද කියන්නේ (ප්‍රශ්නාර්ථයක්) ඇයි නැත්තෙ මම ඉස්සල්ලාම සිකරට් එකක් බිවුවේ මළගෙදරකදි අරක්කු උගුරක් බිවුවෙ මළගෙදරකදි එහෙම බලපුවාම තව කීදාහක් මළගෙදරින් බොන්ට කරන්ට පටන්ගෙන අතිද (තිතක්) (ප්‍රශ්නාර්ථයක්)

                    මළගෙදරක නැගලා යන වැඩක් තමා බුරුවා ගැසිම බුරුවා ගැසිම රස්සාව කරගත්තු කට්ටියත් අපෙ ගමේ ඉන්නවා ඒ කට්ටිය මළගෙවල් හොයාගෙන ගිහින් සෙල්ලං කරන්නේ මැරිලා ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නෙ නැතුව බුරු ගහනවා පොලෙන් ගුටි කාලා ආවත් පැරදිලානම් කවදාවත් එන්නෙ නෑ හිගාකාලා හරි ගෙනිච්ච සල්ලි ටික හරි හදාගෙන එන්නෙ (තිතක්)

                        මටත් පොඩි අත්දැකිමක් තියෙනවා බුරුගැහිම සම්බන්ධව මේ සිද්දිය වෙන්නේ 2013 අවුරුද්දේ එතකොට මගෙ පළවෙනි රස්සාව විදියට කඩවත පැත්තෙ ප්‍රසිද්ධ හෝටලේක තමයි වැඩ කරවුවේ මහන්සීවෙලා හම්බකරපු පළවෙනි පඩිය රුපියල් 18500ක් තිබුනා පඩියත් ඇරගෙන ඉතින් එදා හවසම ගෙදර එන්ට පිටත් වුනේ මළගෙදරකුත් තියෙනවා කියලා කලින්ම ආරංචි වෙලා එහෙම තිබුන නිසාම තමයි (තිතක්)

                      කොහොමහරි මම මළගෙදරට එද්දි බුරුපොලේ උච්චතම අවස්ථාව සල්ලී සූ සූ ගාලා එහාට මෙහාට විසිවෙනවා දැක්කම ආසාවෙ බෑ ඉතින් සක්කුවට අත දාලා බස් එකෙ ඇවිත් ඉතුරුවුන මාරු සල්ලි ටිකක් ඇරගෙන මාත් එතෙන්ට ලංවුනා කොහෙද එතන රුපියල් 100ක් ගනන් ගන්නෙවත් නෑ පොඩ්ඩක්වෙලා බලාන ඉදලා 500 කොලයක් ඇදලා ඇරන් ඔට්ටු අල්ලාන්ට පටන් ගත්තා (තිතක්)

             වාසනාව හොදයි වගේ අල්ලන අල්ලන ඔට්ටුව දිනනවා සමහරවිට දැන් අතෙ20000ක් වගේ ඇති බුරුපොලේ ඉන්න අයියලා ටිකත් මේ වෙද්දි මාත් එක්ක හරිම හොදයි මගේ ඔට්ටු එකතු කරලා දෙනවා සිකරට් කොටේ දෙනවා පිස්සු හැදෙනවා සැලකිලි එමටයි අතරින් පතර සමහර යාලුවෝ මගෙන් අතමාරුවට කියලා කියක්හරි ඉල්ලගත්තා ඒත් ආපහු දුන්නා කියලානන් මතක නෑ (තිතක්)

                           පැය භාගයකට විතර පස්සේ අර කලින් තිබුන ගරු සැලකිලි එහෙම අඩුවෙන්ට පටන් ගත්තේ මම අල්ලන ඔට්ටු සෑහෙන්ට පරදි පැත්තට වුන හින්දා වෙන්ට ඇති සිකරට් බාගේ කතාකරලා ඉල්ලගන්ට වුනා ඔට්ටු දිහා තනියෙන්ම බලන්ට වුනා මේ වෙනකොට හින්දාඩිය එහෙම දාලා තිබ්බෙ පරදින පැරදිල්ලට කලින් දිනාගෙන හිටපු සල්ලි ටික ඔක්කම භහිරවයා ගිල්ලා වගේ නැතිවෙලා ගිහින් (තිතක්)

                        පර්ස් එක ඇරලා තව රුපියල් දාහක් ගත්තා තවත් ටිකකින් තව දාහක් ගත්තා ඔක්කම පැරදිනවා ඒ පාර හරියන්නෙ නෑ දැන් පඩි සල්ලි වලිනුත් 5000ක් විතර පැරදිලා හිටියේ මම හිමිහිට වටපිට බලලා නැගිටින්ට හදනකොට අර අයියලා කිවුවා අද පොඩී එකාගෙ චාන්ස් එක තව පොඩ්ඩක් සෙල්ලන් කරලා බලන්ට කියලා මම කොච්චර බෑ කිවුවත් නැගිටින්ට දුන්නෙ නෑ  වැඩිවෙලා ගියෙ නෑ නිකන්ම නැගිටින්ට වුනා අතේ සතයක්වත් නෑ ඉල්ලගන්ට කවුරුත් ඇත්තෙත් නෑ (තිතක්)
                   
                      අතේ සල්ලි නැතුව ගෙදර යන්ටත් බෑ අම්මට මොකද කියන්නේ එතකොට මගෙ ලග තිබ්බෙ nokia c1 පොං කට්ටක් එකත් රුපියල් 2000කට උගස් කරලා බුරු ගැහුවා ඒකත් පැරදුනා එතකොට ඔක්කම රුපියල් 20000ක් විතර පැරදිලා තිබ්බේ ගමේ අදුරන යාලුවෙක්ගෙන් 500ක් ඉල්ලගෙන එකෙනුත් බුරු ගැහුවා හරියන්නේ නෑ පරදිනවා මිසක් අද මගේ චාන්ස් එක නෙවෙ (තිතක්)

                                        ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ අම්මාගේ දෙවෙනි අයියා එතෙන්ට ආවේ මනුස්සයාට ආරංචිවෙලා මම නිවාඩු  ආපු ගමන් බුරු පොලට සෙන්දුවෙලා බර ගානකකට කෙලවගෙන ඉන්නවා කියලා මනුස්සයාට හොදටම තරහා ගිහින් බුරු පොලේ උන්ටත් හොදටම බැනලා ගෙදරට එනකන් පස්සෙන් පන්න පන්න මට ගැහුවා (තිතක්)

                          ඉතින් ඉට පස්සෙනන් මම කවදාවත් බුරු ගැහුවේ නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)


(පොං එකෙන් තමා ඔක්කම කෙටුවේ පැය තුනකට වැඩිය ගියා කතාව ඉවර කරන්ට ගොඩක් දෙවල් ලියන්ටත් බැරිවුනා වැරදි තියෙනවානන් සමා අවසර)

Wednesday, February 17, 2016

පොඩි මැජික් එකක් පෙන්නන්ටද (ප්‍රශ්නාර්ථයක්)


ඕන ඔට්ටුවක් දානවා ඔයා හිතුවේ මම හිතුව දේමයි (තිත්දෙකයි තුන)

අනිත් එක තමයි මේකට ගොඩාක් බය හිතෙනවා (තිතක්) මගේ යාළුවෙක් මේක කරලා බලල බය වෙලා ටික දවසකට පස්සේ තමයි වචනයක් හරි කතා කෙරුවේ (තිත්දෙකයි තුන)
හදවත් රෝග සහ කුඩා දෙටත් බියවෙන අය බැලුවෙ නැතුවට කමක් නැත (තිතක්)

මේකට පියවර තුනක් තියෙනවා

1ඉංග්‍රීසි D අකුරෙන් පටන් ගන්න රටක නමක් හිතාගන්ට
2දැන් ඒ රටේ දෙවැනි අකුරින් එන සතෙක් හිතාගන්ට (ඉංග්‍රීසි අකුරු )
3දැන් ඒ සතාගේ පාට මොකද්ද කියල බලන්ට (තිතක්)
                                                                  ඔයාට ආපු උත්තරේ තමයි
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)



(තිත්දෙකයි සිම්පල් පී)



රට (සමානයි) denmark
සතා (සමානයි) අලියා (Elephant)
පාට (සමානයි) කළු


මම හරි නේද ඈ (ප්‍රශ්නාර්ථයක්)

Monday, February 1, 2016

උබලා අපි වගේ ආතල් ඇරන් නෑ මල්ලී (තිතක්)

ආසාවට බ්ලොග් කට්ටක් අටවගත්තාට ආයෙත් මොකුත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ අපේ අයියලා ලියන ලියැවිල්ලට අපි ලියන්නෙ මොනවාද කියලා හිතුන හින්දා ඩ්රැකී කියන බ්ලොක් වීරයා කියලා තියෙනවා දැක්කා ලියන්නා ලියැවිල්ලෙන්ම අදුරගන්ට පුලුවන් කියලා ඒක දැක්කම ලියන එක පොඩ්ඩක් නවත්තලා කියවන්ට හුරුවෙලා හිටියේ අවුලක් නෑ මේක ලියලා නවත්තනවා මාව අදුරගත්තට කමක් නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)

             මේ ඊයේ පෙරෙදා අපේ මල්ලිත් එක්ක සුහද සාඛච්චාවක යෙදිලා ඉද්දි මගෙ කටින් පිට වෙච්ච දෙයක් තමයි හෙඩ් ලයින් එකට යොදාගෙන තියෙන්නෙ මල්ලිට ඕක එහෙම කිවුවට මොකද අපිට කලින් ආතල් ඇරගත්ත අයියලා ඔය විදියටම අපිටත් කිවුවානේ (තිත්දෙකයි තුන)

                  ළමා කාලේ ආතල් කිවුවාම ඉතින් ඉස්කොලේ ගියපුකාලේ තමයි ඉස්සල්ලාම මතක්වෙන්නේ ඒ කාලේ ගත්ත ආතල් මතක් වෙනකොට මොකටද ලොකු වුනේ කියලා වෙලාවකට හිතෙනවා ඒ කාලේම ඉන්ට තිබ්බානම් කොච්චර සෝක්ද නෙහ් (ප්රශ්නාර්තයක්)

                 මගේ හොදම යාලුවා වුනේ පුෂ්පකුමාර මනුස්සයයි මායි තමා හැම දෙකින්ම ඉස්සරහින් හිටියේ (ඉගෙනිමින් හැර) ඉස්කොලේ ක්‍රීඩා උත්සවේ තියෙන කාලෙට අපි දෙන්නා එකම නිවාසෙට වැටෙන්නෙ ඇයි කියලා අපි දන්නෙත් නෑ කොහොමහරි කාටවත් බෑ අපි දෙන්නාව වෙන්කරන්ට කියලා කවුරුත් දන්නවා මේක යාලුකමක් නෙවේ සමහරවිට සහෝදර බැදිමක් වෙන්ට ඇති (තිත්දෙකයි ඇල ඉරක්)

                ක්‍රීඩා උස්සව කාලේට ඉතින් තම තමන්ගේ නිවාස වලින් නිර්මාණාත්මක නිවාසයක් හදන්ට ඔනනේ ඕකට ඉතින් සතියක් විතර කලින් ඉදලාම ලෑස්ති වෙනවා පොල් අතු කපන්ට පුවක් ගස් කපන්ට මාන හොයන්ට එහෙම රාජකාරි ගොඩයි මොනවා උනත් අපි මේ දවස්වල හිනාවෙලාමයි ඉන්නේ මහන්සියක් දැනෙන්නෙම නෑ මොකද අපි සෙවනගල ටෝෆී (මදනමෝදක) කන්ට පුරුදු වෙලා හිටියෙ

                අපේ නිවාසේ කොල්ලො ටිකත් සෙට් වෙලා ගියා පොල් අතු ටිකක් කපාගෙන එන්ට යමින් ගමන් ටෝෆී එකක් කටේ දාගෙන යන්ටත් අමතක කරෙ නෑ ගස් නගින්ට පුලුවන් උන් ගස් යවලා උන් කපන අතු එකතු කරන්ට තිබ්බේ වෙලාව රෑ 8ට විතර ඇති ඒ ලගම තියෙනවා අපේ ඉස්කොලේ ගණිතය උගන්නන ටිචර්ගේ ගෙදරත් අරුන් අතු කපනකන් අපි සෙට් එක ගියා ටිචර්ගේ ගෙවල් පැත්තේ (තිත්දෙකයි තුන)

            ටිචර් හෙන ලස්සනයි කසාද බැදලා අවුරුදු 10ක් විතර වෙනවාලු තාම ළමයි නෑ ඒ වුනාට මහත්තයගෙ වැරැද්දක් කියලා තමයි කටකතා ගියේ අපි හොරෙන් හොරෙන් ගිහින් විදුරු ජනෙලේන් බලාගෙන හිටියා කාබරේ ලයිට් දාලා හින්දා කලු පාටට හෙමලයා පෙනවා විනාඩී 10ක් විතර ගියා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ

                 ඉවසලා ඉවසලා බැරිම තැන අපි එන්ට ලෑස්තිවෙද්දි පුෂ්පකුමාරයා හයියෙන්ම කියපි උඩ බලාගෙන බුදියගත්තාට ළමයි හම්බෙන්නෙ නෑ මහත්තයෝ කියලා වසලා හමාරයි ගේ ඇතුලේ හිටපු ටිචර්ගේ මහත්තයාට ඒක ඇහුනා මනුස්සයා කුනුහබ්බයක් කියාගෙන එලියට එද්දි අපි එතනින් පැනගෙනත් ඉවරයි

               අපි දුවගෙන එනවා දැකලා පොල් ගහේ නැගලා හිටපු සමීර කියලා කොල්ලෙක් භය වෙච්ච පාර ගහේ මුදුනේ ඉදලම බිමට පැනලා කකුල තුවාලත් වෙලා ඇවිදගන්ටවත් බෑ මේ රෑ ත්‍රීවිල් එකක්වත් හොයාගන්ට නෑ වටෙටම කෝල් කරලා අන්තිමේ ත්‍රීවිල් එකක් හොයාගෙන ඉස්පිරිතාලෙට යද්දී වෙලාව රෑ10ත් පහුවෙලා තිබුනා

           සමීරව ඉස්පිරිතාලෙ නවත්තගත්තා අපි භයවෙලා හිටියේ සමීර ගැන නෙවේ ගණිතය ටිචර්ට අපි කරපු වැඩේ මාට්ටුවෙයි කියලා ඉලග දවසේ කුතුහලයෙන් ඉස්කොලේ ගියේ මේවා ගෙවල් වලට ආරංචී උනොත් ගමෙත් වසලා හමාරයි ඇයි ඉතින් මෙහෙම දෙවල් ගුරුවරයෙක්ට කරන්ට හොදයිද (ප්රශ්නාර්තයක්)

                  ගණිතය ටිචර්ව මග ඇරලා ඉන්ට පුලුවන් තරන් උත්සාහ කරත් එක කරන්ට බැරි වුනා ටිචර්ම ආවා අපිව හොයාගෙන ඇවිත් වෙන මොකුත් ඇහුවෙ නෑ සමීරගෙ විස්තර විතරයි ඇහුවේ අපිට පුදුමයි වෙච්ච දේට ටිචර්ට අපි ගැන සැකයක් නෑ එත් වුන දෙට අපේ හිතට හොද මදි ආයෙත් එහෙම වැඩ කරන්නෙ නෑ කියලා හිතාගත්තා කාලේකට (තිත්දෙකයි කැපිටල් ඩී)

              අපේ මල්ලිලත් කවදාහරි දවසක එගොල්ලන්ගෙ බාල පරම්පරාවට කියයි අපි තරන් උබලා ආතල් ඇරන් නෑ මල්ලී කියලා