Tuesday, January 3, 2017

මුලින්ම කියන්න ඕනෙ මේ කතාව බලන අයට පොඩි ඉන්ග්‍රීසි දැනුමක් තියෙනවනම් හොදයි. හරි දැන් කතාවට බහිමුකෝ. මේක ජෝජ් ඩබ්. බුෂ් ඇමරිකාවෙ ජනාධිපති වෙලා හිටිය කාලෙට සම්බන්ද එකක්. දැන් එහෙම එකෙක්ව මතක නැත්තන් ඒ කාලෙ හිටපු එකෙක්ගෙන් අහන්න. හැමෝම දන්නවනෙ ඔසාමා බින් ලාඩ්න් ඇමරිකාවෙ ලෝක වෙළද මධ්‍යස්ථානෙට ගහපු එක. ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ, කුඩුවෙන්නම ගැහුවනේ. ගහල ඉවරවෙලා ඔසාමා හැන්ගුනා. දැන් බුෂ් තමන්ගෙ මුලු හමුදාවම දාල මූව හෙව්වත් මේකගෙ මයිල් ගහක්වත් හොයාගන්න උනේ නෑ. මේකට බුෂ්ටත් හෙනට අප්සෙට්. මොකද තමන්හෙ රටට ඇවිල්ල ගහපු එකාව හොයාගන්න බෑ කියන්නෙ එසේ මෙසේ පල් එකක්ද? එකත් ලෝකෙ තියන හොදම තාක්ශනික යුධ උපකරන තියාගෙන. දැන් බුෂ් දහ අතේ කල්පනා කරනව මේ වැඩේට මොකද කරන්නෙ කියල. කොච්චර හෙව්වත් ඔසාමව හම්බවෙන්නෙත් නෑ. ඊට හපන් දැන් අනිත් රටවලුත් බුෂ්ට කින්ඩිය දානව කෝ ඔසාමව හොයාගත්තද කියල. මෙහෙම ඉන්නකොට බුෂ්ට හොද ගණ දෙවි නුවණක් ආව. බුෂ් ඇමරිකන් media වලින් මුලු ලෝකෙටම ප්‍රචාරයක් යැව්වා "ඇමරිකන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රහාර වලින් ඔසාමා මරණයට පත්වෙලා තිබෙනවා, මේ දිනවල එහි ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. වැඩි විස්තර පසුව බලාපොරොත්තුවන්න" කියලා. බුෂ් මෙහෙම කිව්වෙ තව කල් අරගෙන ඒ කාලෙ ඇතුලත කොහොමහරි ඔසාමව අල්ලගන්න බලාගෙන. දැන් කොහොමහරි මේ කතාව ඔසාමා බින් ලාඩ්න්ටත් ආරන්චිඋනා. මිනිහට මේකට ධවල මණ්දිරේට ඇවිල්ල බුෂ්ගෙ හොම්බට දෙකක් අනින්න තරම් කේන්තියි. ඇයි යකෝ මූ මේ හොදට ඉන්න මම මැරුන කියල බොරු ප්‍රචාර යවනවනෙ. හැබැයි මේ වෙලාවෙ වැඩිය එලිපහලියට එන එක එච්චර හොද නෑ කියල ඔසාමට තේරුනා. හැබැයි මේ කරපු දේට බුෂ්ටත් මොනාහරි රිටර්න් එකක් දෙන්න ඕනෙ හින්දා ඔසාමා තමන්ගෙම අත් අකුරෙන් ලියපු ලියුමක් බුෂ්ට යැව්වා. ඔසාමා දන්නව ලියුම දැකපු ගමන් බුෂ් දැනගන්නව තමන් තාම මේ ගේම් එකේ ඉන්නව කියලා. ඔන්න කොහොම හරි ලියුම බුෂ්ගෙ අතටම ලැබුනා. ලියුමෙ තියෙන්නෙ මෙන්න මේ ටික විතරයි.

....31OHSSV O113H......

දැන් ඉතින් ඕක දිහා බලාගෙන කල්පනා කරන්න එපා. මොකුත් තේරෙන්නෙ නෑනේ. ඔයාලට විතරක් නෙවේ බුෂ්ටත් මොකුත් තේරුනේ නෑ. හැබැයි බුෂ් කලබල උනේ නෑ. මොකද සමහර විට මේක රහස් භාෂාවකින් ලියපු එකක් වෙන්න ඇති, පස්සෙ කාටහරි දීල මේකෙ තියන එක අහගන්නව කියල බුෂ් හිතුවා. ඔන්න එතකොටම කොන්ඩලීස රයිස් නෝනත් මෙතනට ආව. ඒ කාලෙ ඇමරිකාවෙ රාජ්‍ය ලේකම් වෙලා හිටියෙ එයා තමා. බුෂ් ඉතින් මුලින්ම ලියුම එයාගෙ අතට දුන්නා. එයත් ටිකක් වෙලා බලන් ඉදලා "මටත් මේක තේරෙන්නෙ නෑ සර්, අපි මේක CIA එකට දෙමු. උන් ටික පටස් ගාල මේකෙ තේරුම හොයල දෙයි" කිව්වා. ඔන්න ඊට පස්සෙ මේ ලියුම CIA එකට දෙනවා. උන් ටිකත් සතියක් විතර දගලල "සර්, මේකෙ තියෙන්නෙ මොකක්ද කියල හරියටම කියන අමාරුයි. සමහරවිට මේක කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති" කියල කිව්වා. මේ කතාවට ටිකක් කේන්ති ගිය බුෂ්, තමුසෙලට බැරිනන් නිකන් ඉන්නව. මම මේක දෙනව FBI එකට කියල FBI එකට මේ ලියුම දුන්නා. හැබැයි ඒකෙනුත් වැඩක් නම් උනේ නෑ. දැන් බුෂ් කල්පනා කර කර ඉන්නවා කාටද මේක දෙන්නෙ කියලා. ඔහොම ඉන්නකොට රයිස් නෝනා කියනවා "සර්, අපි මේක NASA එකට දෙමු. කවුද දන්නෙ මේක aliensලගෙ වැඩක්ද කියල". ඔන්න ඊට පස්සෙ මේක දෙනවා NASA එකට. ඒ set එකත් මේ ලියුම බලලා " අපිට හමුවුන සියලුම භාෂා, පිටසක්වල ජීවී තොරතුරු සේරම පරික්ශා කරල බැලුවා. ඒත් අපිටත් බැරිවුනා මේ ලියුම ලියල තියන භාෂාව අදුනගන්න" කියල කිව්වා. මේක ඇහුවම බුෂ් ලොක්කට තව කේන්තියි. එහෙන් ඔසාමව අල්ලගන්න බෑ. මෙහෙ මේ කෙහෙල්මල් ලියුමක් වද දෙනවා. හැබැයි මොනව උනත් බුෂ්ට මේ ලියුම නිකම්ම විසි කරන්න හිතෙන්නෙත් නෑ. බුෂ්ගෙ හිත කියන්නෙම මේකෙ මොකක් හරි ඇති කියලා. ඒ උනාට දැන් මේක දෙන්න එකෙකුත් නෑ. ඔහොම ටික දවසක් කල්පනා කර කර ඉන්න කොට බුෂ්ගෙ ටිකිරි මොලේට තව idea එකක් එනවා. ඒ තමා තමන්ගෙ ෆිට් එක වෙච්ච ඊශ්‍රායලය. ඊශ්‍රායලෙත් තියනව හොද බුද්ධි අන්ශයක් Mossad කියලා. අන්තිමපාරට උන්ටත් මේ ලියුම දීල බලනවා. බැරි උනොත් මේ මගුල පුච්චල අලු ටික නයගරා ඇල්ලට දානව කියල බුෂ් හිත හදා ගත්තා. ඔන්න කොහොමහරි බුෂ් ඊශ්‍රායලේට ගිහින් එහෙ පොඩි රවුමක් ගහල Mossad එකේ ලොක්කෙක් හම්බවෙලා. " මට මේ පොඩි ලියුමක් ආව, මේකෙ තියන එක පොඩ්ඩක් බලල දෙන්නකො" කියලා දුන්න. දැන් අර මෑන් ලියුම අරන් office එක ඇතුලට ගියා. ගිහින් හැරෙන තැපෑලෙන් ආයෙ ආවා. ඊට පස්සෙ හෙන ගහනව වගේ මෙහෙම කිව්වා, "සර්, ඔබතුමා ලියුම අල්ලගෙන ඉදලා තියෙන්නෙ වැරදි පැත්තට" =D
දැන් ශේප් එකේ ඔලුව ටිකක් හරවලා ලියුමෙ තිබ්බ දේ බලන්නකෝ. උඩුබැලි අතට හිනා වෙන්නෙ පරිස්සමට හොදේ.  :v :v

No comments:

Post a Comment