Friday, February 19, 2016

the මළගෙදර බුරුවා

මළගෙදරක් කියන්නෙ ඉතින් අපි වගේ හැදෙන වයසේ ඉන්න කොල්ලන්ට මගුල් ගෙයක් වගේ තමයි වැඩිහිටියන්ගෙ අවසරය ඇතිව සතියක් වගෙ ගෙදරින් පිට ඉන්ට හම්බෙනවා කෑම බීම නොමිලේම හම්බෙනවා යාලුවෝ සෙට් වෙනවා සමහරවිට කෑල්ලක් එහෙමත් ලයින් කරගන්ට පුලුවන් සුපිරි ස්තානයක් තමයි (තිතක්)

               කොහොම උනත් මළගෙදරක් කියන්නේ ගොඩක් දුරට තරුණ කොල්ලෝ නොමගට යන තැනක් හා නැද්ද කියන්නේ (ප්‍රශ්නාර්ථයක්) ඇයි නැත්තෙ මම ඉස්සල්ලාම සිකරට් එකක් බිවුවේ මළගෙදරකදි අරක්කු උගුරක් බිවුවෙ මළගෙදරකදි එහෙම බලපුවාම තව කීදාහක් මළගෙදරින් බොන්ට කරන්ට පටන්ගෙන අතිද (තිතක්) (ප්‍රශ්නාර්ථයක්)

                    මළගෙදරක නැගලා යන වැඩක් තමා බුරුවා ගැසිම බුරුවා ගැසිම රස්සාව කරගත්තු කට්ටියත් අපෙ ගමේ ඉන්නවා ඒ කට්ටිය මළගෙවල් හොයාගෙන ගිහින් සෙල්ලං කරන්නේ මැරිලා ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නෙ නැතුව බුරු ගහනවා පොලෙන් ගුටි කාලා ආවත් පැරදිලානම් කවදාවත් එන්නෙ නෑ හිගාකාලා හරි ගෙනිච්ච සල්ලි ටික හරි හදාගෙන එන්නෙ (තිතක්)

                        මටත් පොඩි අත්දැකිමක් තියෙනවා බුරුගැහිම සම්බන්ධව මේ සිද්දිය වෙන්නේ 2013 අවුරුද්දේ එතකොට මගෙ පළවෙනි රස්සාව විදියට කඩවත පැත්තෙ ප්‍රසිද්ධ හෝටලේක තමයි වැඩ කරවුවේ මහන්සීවෙලා හම්බකරපු පළවෙනි පඩිය රුපියල් 18500ක් තිබුනා පඩියත් ඇරගෙන ඉතින් එදා හවසම ගෙදර එන්ට පිටත් වුනේ මළගෙදරකුත් තියෙනවා කියලා කලින්ම ආරංචි වෙලා එහෙම තිබුන නිසාම තමයි (තිතක්)

                      කොහොමහරි මම මළගෙදරට එද්දි බුරුපොලේ උච්චතම අවස්ථාව සල්ලී සූ සූ ගාලා එහාට මෙහාට විසිවෙනවා දැක්කම ආසාවෙ බෑ ඉතින් සක්කුවට අත දාලා බස් එකෙ ඇවිත් ඉතුරුවුන මාරු සල්ලි ටිකක් ඇරගෙන මාත් එතෙන්ට ලංවුනා කොහෙද එතන රුපියල් 100ක් ගනන් ගන්නෙවත් නෑ පොඩ්ඩක්වෙලා බලාන ඉදලා 500 කොලයක් ඇදලා ඇරන් ඔට්ටු අල්ලාන්ට පටන් ගත්තා (තිතක්)

             වාසනාව හොදයි වගේ අල්ලන අල්ලන ඔට්ටුව දිනනවා සමහරවිට දැන් අතෙ20000ක් වගේ ඇති බුරුපොලේ ඉන්න අයියලා ටිකත් මේ වෙද්දි මාත් එක්ක හරිම හොදයි මගේ ඔට්ටු එකතු කරලා දෙනවා සිකරට් කොටේ දෙනවා පිස්සු හැදෙනවා සැලකිලි එමටයි අතරින් පතර සමහර යාලුවෝ මගෙන් අතමාරුවට කියලා කියක්හරි ඉල්ලගත්තා ඒත් ආපහු දුන්නා කියලානන් මතක නෑ (තිතක්)

                           පැය භාගයකට විතර පස්සේ අර කලින් තිබුන ගරු සැලකිලි එහෙම අඩුවෙන්ට පටන් ගත්තේ මම අල්ලන ඔට්ටු සෑහෙන්ට පරදි පැත්තට වුන හින්දා වෙන්ට ඇති සිකරට් බාගේ කතාකරලා ඉල්ලගන්ට වුනා ඔට්ටු දිහා තනියෙන්ම බලන්ට වුනා මේ වෙනකොට හින්දාඩිය එහෙම දාලා තිබ්බෙ පරදින පැරදිල්ලට කලින් දිනාගෙන හිටපු සල්ලි ටික ඔක්කම භහිරවයා ගිල්ලා වගේ නැතිවෙලා ගිහින් (තිතක්)

                        පර්ස් එක ඇරලා තව රුපියල් දාහක් ගත්තා තවත් ටිකකින් තව දාහක් ගත්තා ඔක්කම පැරදිනවා ඒ පාර හරියන්නෙ නෑ දැන් පඩි සල්ලි වලිනුත් 5000ක් විතර පැරදිලා හිටියේ මම හිමිහිට වටපිට බලලා නැගිටින්ට හදනකොට අර අයියලා කිවුවා අද පොඩී එකාගෙ චාන්ස් එක තව පොඩ්ඩක් සෙල්ලන් කරලා බලන්ට කියලා මම කොච්චර බෑ කිවුවත් නැගිටින්ට දුන්නෙ නෑ  වැඩිවෙලා ගියෙ නෑ නිකන්ම නැගිටින්ට වුනා අතේ සතයක්වත් නෑ ඉල්ලගන්ට කවුරුත් ඇත්තෙත් නෑ (තිතක්)
                   
                      අතේ සල්ලි නැතුව ගෙදර යන්ටත් බෑ අම්මට මොකද කියන්නේ එතකොට මගෙ ලග තිබ්බෙ nokia c1 පොං කට්ටක් එකත් රුපියල් 2000කට උගස් කරලා බුරු ගැහුවා ඒකත් පැරදුනා එතකොට ඔක්කම රුපියල් 20000ක් විතර පැරදිලා තිබ්බේ ගමේ අදුරන යාලුවෙක්ගෙන් 500ක් ඉල්ලගෙන එකෙනුත් බුරු ගැහුවා හරියන්නේ නෑ පරදිනවා මිසක් අද මගේ චාන්ස් එක නෙවෙ (තිතක්)

                                        ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ අම්මාගේ දෙවෙනි අයියා එතෙන්ට ආවේ මනුස්සයාට ආරංචිවෙලා මම නිවාඩු  ආපු ගමන් බුරු පොලට සෙන්දුවෙලා බර ගානකකට කෙලවගෙන ඉන්නවා කියලා මනුස්සයාට හොදටම තරහා ගිහින් බුරු පොලේ උන්ටත් හොදටම බැනලා ගෙදරට එනකන් පස්සෙන් පන්න පන්න මට ගැහුවා (තිතක්)

                          ඉතින් ඉට පස්සෙනන් මම කවදාවත් බුරු ගැහුවේ නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)


(පොං එකෙන් තමා ඔක්කම කෙටුවේ පැය තුනකට වැඩිය ගියා කතාව ඉවර කරන්ට ගොඩක් දෙවල් ලියන්ටත් බැරිවුනා වැරදි තියෙනවානන් සමා අවසර)

Wednesday, February 17, 2016

පොඩි මැජික් එකක් පෙන්නන්ටද (ප්‍රශ්නාර්ථයක්)


ඕන ඔට්ටුවක් දානවා ඔයා හිතුවේ මම හිතුව දේමයි (තිත්දෙකයි තුන)

අනිත් එක තමයි මේකට ගොඩාක් බය හිතෙනවා (තිතක්) මගේ යාළුවෙක් මේක කරලා බලල බය වෙලා ටික දවසකට පස්සේ තමයි වචනයක් හරි කතා කෙරුවේ (තිත්දෙකයි තුන)
හදවත් රෝග සහ කුඩා දෙටත් බියවෙන අය බැලුවෙ නැතුවට කමක් නැත (තිතක්)

මේකට පියවර තුනක් තියෙනවා

1ඉංග්‍රීසි D අකුරෙන් පටන් ගන්න රටක නමක් හිතාගන්ට
2දැන් ඒ රටේ දෙවැනි අකුරින් එන සතෙක් හිතාගන්ට (ඉංග්‍රීසි අකුරු )
3දැන් ඒ සතාගේ පාට මොකද්ද කියල බලන්ට (තිතක්)
                                                                  ඔයාට ආපු උත්තරේ තමයි
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)
(තිතක්)



(තිත්දෙකයි සිම්පල් පී)



රට (සමානයි) denmark
සතා (සමානයි) අලියා (Elephant)
පාට (සමානයි) කළු


මම හරි නේද ඈ (ප්‍රශ්නාර්ථයක්)

Monday, February 1, 2016

උබලා අපි වගේ ආතල් ඇරන් නෑ මල්ලී (තිතක්)

ආසාවට බ්ලොග් කට්ටක් අටවගත්තාට ආයෙත් මොකුත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ අපේ අයියලා ලියන ලියැවිල්ලට අපි ලියන්නෙ මොනවාද කියලා හිතුන හින්දා ඩ්රැකී කියන බ්ලොක් වීරයා කියලා තියෙනවා දැක්කා ලියන්නා ලියැවිල්ලෙන්ම අදුරගන්ට පුලුවන් කියලා ඒක දැක්කම ලියන එක පොඩ්ඩක් නවත්තලා කියවන්ට හුරුවෙලා හිටියේ අවුලක් නෑ මේක ලියලා නවත්තනවා මාව අදුරගත්තට කමක් නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)

             මේ ඊයේ පෙරෙදා අපේ මල්ලිත් එක්ක සුහද සාඛච්චාවක යෙදිලා ඉද්දි මගෙ කටින් පිට වෙච්ච දෙයක් තමයි හෙඩ් ලයින් එකට යොදාගෙන තියෙන්නෙ මල්ලිට ඕක එහෙම කිවුවට මොකද අපිට කලින් ආතල් ඇරගත්ත අයියලා ඔය විදියටම අපිටත් කිවුවානේ (තිත්දෙකයි තුන)

                  ළමා කාලේ ආතල් කිවුවාම ඉතින් ඉස්කොලේ ගියපුකාලේ තමයි ඉස්සල්ලාම මතක්වෙන්නේ ඒ කාලේ ගත්ත ආතල් මතක් වෙනකොට මොකටද ලොකු වුනේ කියලා වෙලාවකට හිතෙනවා ඒ කාලේම ඉන්ට තිබ්බානම් කොච්චර සෝක්ද නෙහ් (ප්රශ්නාර්තයක්)

                 මගේ හොදම යාලුවා වුනේ පුෂ්පකුමාර මනුස්සයයි මායි තමා හැම දෙකින්ම ඉස්සරහින් හිටියේ (ඉගෙනිමින් හැර) ඉස්කොලේ ක්‍රීඩා උත්සවේ තියෙන කාලෙට අපි දෙන්නා එකම නිවාසෙට වැටෙන්නෙ ඇයි කියලා අපි දන්නෙත් නෑ කොහොමහරි කාටවත් බෑ අපි දෙන්නාව වෙන්කරන්ට කියලා කවුරුත් දන්නවා මේක යාලුකමක් නෙවේ සමහරවිට සහෝදර බැදිමක් වෙන්ට ඇති (තිත්දෙකයි ඇල ඉරක්)

                ක්‍රීඩා උස්සව කාලේට ඉතින් තම තමන්ගේ නිවාස වලින් නිර්මාණාත්මක නිවාසයක් හදන්ට ඔනනේ ඕකට ඉතින් සතියක් විතර කලින් ඉදලාම ලෑස්ති වෙනවා පොල් අතු කපන්ට පුවක් ගස් කපන්ට මාන හොයන්ට එහෙම රාජකාරි ගොඩයි මොනවා උනත් අපි මේ දවස්වල හිනාවෙලාමයි ඉන්නේ මහන්සියක් දැනෙන්නෙම නෑ මොකද අපි සෙවනගල ටෝෆී (මදනමෝදක) කන්ට පුරුදු වෙලා හිටියෙ

                අපේ නිවාසේ කොල්ලො ටිකත් සෙට් වෙලා ගියා පොල් අතු ටිකක් කපාගෙන එන්ට යමින් ගමන් ටෝෆී එකක් කටේ දාගෙන යන්ටත් අමතක කරෙ නෑ ගස් නගින්ට පුලුවන් උන් ගස් යවලා උන් කපන අතු එකතු කරන්ට තිබ්බේ වෙලාව රෑ 8ට විතර ඇති ඒ ලගම තියෙනවා අපේ ඉස්කොලේ ගණිතය උගන්නන ටිචර්ගේ ගෙදරත් අරුන් අතු කපනකන් අපි සෙට් එක ගියා ටිචර්ගේ ගෙවල් පැත්තේ (තිත්දෙකයි තුන)

            ටිචර් හෙන ලස්සනයි කසාද බැදලා අවුරුදු 10ක් විතර වෙනවාලු තාම ළමයි නෑ ඒ වුනාට මහත්තයගෙ වැරැද්දක් කියලා තමයි කටකතා ගියේ අපි හොරෙන් හොරෙන් ගිහින් විදුරු ජනෙලේන් බලාගෙන හිටියා කාබරේ ලයිට් දාලා හින්දා කලු පාටට හෙමලයා පෙනවා විනාඩී 10ක් විතර ගියා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ

                 ඉවසලා ඉවසලා බැරිම තැන අපි එන්ට ලෑස්තිවෙද්දි පුෂ්පකුමාරයා හයියෙන්ම කියපි උඩ බලාගෙන බුදියගත්තාට ළමයි හම්බෙන්නෙ නෑ මහත්තයෝ කියලා වසලා හමාරයි ගේ ඇතුලේ හිටපු ටිචර්ගේ මහත්තයාට ඒක ඇහුනා මනුස්සයා කුනුහබ්බයක් කියාගෙන එලියට එද්දි අපි එතනින් පැනගෙනත් ඉවරයි

               අපි දුවගෙන එනවා දැකලා පොල් ගහේ නැගලා හිටපු සමීර කියලා කොල්ලෙක් භය වෙච්ච පාර ගහේ මුදුනේ ඉදලම බිමට පැනලා කකුල තුවාලත් වෙලා ඇවිදගන්ටවත් බෑ මේ රෑ ත්‍රීවිල් එකක්වත් හොයාගන්ට නෑ වටෙටම කෝල් කරලා අන්තිමේ ත්‍රීවිල් එකක් හොයාගෙන ඉස්පිරිතාලෙට යද්දී වෙලාව රෑ10ත් පහුවෙලා තිබුනා

           සමීරව ඉස්පිරිතාලෙ නවත්තගත්තා අපි භයවෙලා හිටියේ සමීර ගැන නෙවේ ගණිතය ටිචර්ට අපි කරපු වැඩේ මාට්ටුවෙයි කියලා ඉලග දවසේ කුතුහලයෙන් ඉස්කොලේ ගියේ මේවා ගෙවල් වලට ආරංචී උනොත් ගමෙත් වසලා හමාරයි ඇයි ඉතින් මෙහෙම දෙවල් ගුරුවරයෙක්ට කරන්ට හොදයිද (ප්රශ්නාර්තයක්)

                  ගණිතය ටිචර්ව මග ඇරලා ඉන්ට පුලුවන් තරන් උත්සාහ කරත් එක කරන්ට බැරි වුනා ටිචර්ම ආවා අපිව හොයාගෙන ඇවිත් වෙන මොකුත් ඇහුවෙ නෑ සමීරගෙ විස්තර විතරයි ඇහුවේ අපිට පුදුමයි වෙච්ච දේට ටිචර්ට අපි ගැන සැකයක් නෑ එත් වුන දෙට අපේ හිතට හොද මදි ආයෙත් එහෙම වැඩ කරන්නෙ නෑ කියලා හිතාගත්තා කාලේකට (තිත්දෙකයි කැපිටල් ඩී)

              අපේ මල්ලිලත් කවදාහරි දවසක එගොල්ලන්ගෙ බාල පරම්පරාවට කියයි අපි තරන් උබලා ආතල් ඇරන් නෑ මල්ලී කියලා