Friday, February 19, 2016

the මළගෙදර බුරුවා

මළගෙදරක් කියන්නෙ ඉතින් අපි වගේ හැදෙන වයසේ ඉන්න කොල්ලන්ට මගුල් ගෙයක් වගේ තමයි වැඩිහිටියන්ගෙ අවසරය ඇතිව සතියක් වගෙ ගෙදරින් පිට ඉන්ට හම්බෙනවා කෑම බීම නොමිලේම හම්බෙනවා යාලුවෝ සෙට් වෙනවා සමහරවිට කෑල්ලක් එහෙමත් ලයින් කරගන්ට පුලුවන් සුපිරි ස්තානයක් තමයි (තිතක්)

               කොහොම උනත් මළගෙදරක් කියන්නේ ගොඩක් දුරට තරුණ කොල්ලෝ නොමගට යන තැනක් හා නැද්ද කියන්නේ (ප්‍රශ්නාර්ථයක්) ඇයි නැත්තෙ මම ඉස්සල්ලාම සිකරට් එකක් බිවුවේ මළගෙදරකදි අරක්කු උගුරක් බිවුවෙ මළගෙදරකදි එහෙම බලපුවාම තව කීදාහක් මළගෙදරින් බොන්ට කරන්ට පටන්ගෙන අතිද (තිතක්) (ප්‍රශ්නාර්ථයක්)

                    මළගෙදරක නැගලා යන වැඩක් තමා බුරුවා ගැසිම බුරුවා ගැසිම රස්සාව කරගත්තු කට්ටියත් අපෙ ගමේ ඉන්නවා ඒ කට්ටිය මළගෙවල් හොයාගෙන ගිහින් සෙල්ලං කරන්නේ මැරිලා ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නෙ නැතුව බුරු ගහනවා පොලෙන් ගුටි කාලා ආවත් පැරදිලානම් කවදාවත් එන්නෙ නෑ හිගාකාලා හරි ගෙනිච්ච සල්ලි ටික හරි හදාගෙන එන්නෙ (තිතක්)

                        මටත් පොඩි අත්දැකිමක් තියෙනවා බුරුගැහිම සම්බන්ධව මේ සිද්දිය වෙන්නේ 2013 අවුරුද්දේ එතකොට මගෙ පළවෙනි රස්සාව විදියට කඩවත පැත්තෙ ප්‍රසිද්ධ හෝටලේක තමයි වැඩ කරවුවේ මහන්සීවෙලා හම්බකරපු පළවෙනි පඩිය රුපියල් 18500ක් තිබුනා පඩියත් ඇරගෙන ඉතින් එදා හවසම ගෙදර එන්ට පිටත් වුනේ මළගෙදරකුත් තියෙනවා කියලා කලින්ම ආරංචි වෙලා එහෙම තිබුන නිසාම තමයි (තිතක්)

                      කොහොමහරි මම මළගෙදරට එද්දි බුරුපොලේ උච්චතම අවස්ථාව සල්ලී සූ සූ ගාලා එහාට මෙහාට විසිවෙනවා දැක්කම ආසාවෙ බෑ ඉතින් සක්කුවට අත දාලා බස් එකෙ ඇවිත් ඉතුරුවුන මාරු සල්ලි ටිකක් ඇරගෙන මාත් එතෙන්ට ලංවුනා කොහෙද එතන රුපියල් 100ක් ගනන් ගන්නෙවත් නෑ පොඩ්ඩක්වෙලා බලාන ඉදලා 500 කොලයක් ඇදලා ඇරන් ඔට්ටු අල්ලාන්ට පටන් ගත්තා (තිතක්)

             වාසනාව හොදයි වගේ අල්ලන අල්ලන ඔට්ටුව දිනනවා සමහරවිට දැන් අතෙ20000ක් වගේ ඇති බුරුපොලේ ඉන්න අයියලා ටිකත් මේ වෙද්දි මාත් එක්ක හරිම හොදයි මගේ ඔට්ටු එකතු කරලා දෙනවා සිකරට් කොටේ දෙනවා පිස්සු හැදෙනවා සැලකිලි එමටයි අතරින් පතර සමහර යාලුවෝ මගෙන් අතමාරුවට කියලා කියක්හරි ඉල්ලගත්තා ඒත් ආපහු දුන්නා කියලානන් මතක නෑ (තිතක්)

                           පැය භාගයකට විතර පස්සේ අර කලින් තිබුන ගරු සැලකිලි එහෙම අඩුවෙන්ට පටන් ගත්තේ මම අල්ලන ඔට්ටු සෑහෙන්ට පරදි පැත්තට වුන හින්දා වෙන්ට ඇති සිකරට් බාගේ කතාකරලා ඉල්ලගන්ට වුනා ඔට්ටු දිහා තනියෙන්ම බලන්ට වුනා මේ වෙනකොට හින්දාඩිය එහෙම දාලා තිබ්බෙ පරදින පැරදිල්ලට කලින් දිනාගෙන හිටපු සල්ලි ටික ඔක්කම භහිරවයා ගිල්ලා වගේ නැතිවෙලා ගිහින් (තිතක්)

                        පර්ස් එක ඇරලා තව රුපියල් දාහක් ගත්තා තවත් ටිකකින් තව දාහක් ගත්තා ඔක්කම පැරදිනවා ඒ පාර හරියන්නෙ නෑ දැන් පඩි සල්ලි වලිනුත් 5000ක් විතර පැරදිලා හිටියේ මම හිමිහිට වටපිට බලලා නැගිටින්ට හදනකොට අර අයියලා කිවුවා අද පොඩී එකාගෙ චාන්ස් එක තව පොඩ්ඩක් සෙල්ලන් කරලා බලන්ට කියලා මම කොච්චර බෑ කිවුවත් නැගිටින්ට දුන්නෙ නෑ  වැඩිවෙලා ගියෙ නෑ නිකන්ම නැගිටින්ට වුනා අතේ සතයක්වත් නෑ ඉල්ලගන්ට කවුරුත් ඇත්තෙත් නෑ (තිතක්)
                   
                      අතේ සල්ලි නැතුව ගෙදර යන්ටත් බෑ අම්මට මොකද කියන්නේ එතකොට මගෙ ලග තිබ්බෙ nokia c1 පොං කට්ටක් එකත් රුපියල් 2000කට උගස් කරලා බුරු ගැහුවා ඒකත් පැරදුනා එතකොට ඔක්කම රුපියල් 20000ක් විතර පැරදිලා තිබ්බේ ගමේ අදුරන යාලුවෙක්ගෙන් 500ක් ඉල්ලගෙන එකෙනුත් බුරු ගැහුවා හරියන්නේ නෑ පරදිනවා මිසක් අද මගේ චාන්ස් එක නෙවෙ (තිතක්)

                                        ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ අම්මාගේ දෙවෙනි අයියා එතෙන්ට ආවේ මනුස්සයාට ආරංචිවෙලා මම නිවාඩු  ආපු ගමන් බුරු පොලට සෙන්දුවෙලා බර ගානකකට කෙලවගෙන ඉන්නවා කියලා මනුස්සයාට හොදටම තරහා ගිහින් බුරු පොලේ උන්ටත් හොදටම බැනලා ගෙදරට එනකන් පස්සෙන් පන්න පන්න මට ගැහුවා (තිතක්)

                          ඉතින් ඉට පස්සෙනන් මම කවදාවත් බුරු ගැහුවේ නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)


(පොං එකෙන් තමා ඔක්කම කෙටුවේ පැය තුනකට වැඩිය ගියා කතාව ඉවර කරන්ට ගොඩක් දෙවල් ලියන්ටත් බැරිවුනා වැරදි තියෙනවානන් සමා අවසර)

28 comments:

  1. අකුරු ටික තව ටිකක් ලොකු උනානම් හොදයි මචන්..... හෙට උදේට තමයි කියවන්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. මම ඔය බූරු සෙල්ලමට කැමති නෑ... බූරුවා ගහනවා බලාගෙන ඉදලා තියෙනවා. බූරුවා ගහන්න දන්නවා. බූරුවා ගහන් නැති දෙතුන් දෙනෙක් එකතුවෙලා අපි ඕමි බලනවා. ඕම් බලන එක ආතල් බූරුවා ගනවට වඩා.

      /හිගා කාලා හරි ගෙනිච්ච සල්ලි ටික හදාගෙන එන්නේ/
      ඕකනම් විශ්වාස කරන්න බෑ.. අපේ පැත්තේ සමහරක් එවුන් බයිසිකල් එකත් දන් දීලා එන්නේ(තිතක්)

      Delete
    2. ඕමි බැලිල්ලට තමා මගෙත් මනාපය..

      Delete
    3. අපේ පැත්තේ ඉන්නවා බං රස්සාව විදියට බුරු ගහන උන් ළමයි ඉස්කොලේ අරින්නේ කන්නෙ බොන්නනෙ ගෙදර වියදන් ඔක්කම කරන්නෙ බුරු ගහලා ලෙසියෙන් පරදින්නෙ නෑ (තිතක්)

      Delete
  2. ෆොන්ට් සයිස් පොඩ්ඩක් හදපන් මචං.. මාත් කාලයක් ෆෝන් එකෙන් බ්ලොග් කොටපු එකෙක් විදියට දන්නවා ඉතින් කට්ට.. මම හිතන්නෙ බ්ලොගර් ඇප් එකේ දැන් ඔව්වට ඔප්ෂන්ස් ඇති..

    තව දෙයක් බන්.. මේක මට හිතෙන විදිය අනිත් අයට කොහොමද නම් කියන්න දන්නෙ නෑ.. උබ පෝස්ට් එකක් ලියද්දි තැනින් තැන(තිතක්),(තිත්දෙකයි කැපිටල් ඩී) වගේ එව්වා නොදා ඒ ලකුණු ටික දාපන්.. මොකද කතාවක් කියවන් යද්දි ඔහොම තියෙනකොට මට නම් අවුල්.. කමෙන්ට් එකකට වගේ නම් ඔය මෙතඩ් එක ශේප්..

    බූරු කළාව ගැන වැඩිය නොදනිමි.. සල්ලිවලට ගහලා කෙලෝගන්න ඕනේ නෑනෙ :D මම කැමතිම ඕමි බලන්න තමා..

    කඩවත වැඩ කළා කිව්වේ? කොහෙද? උබ ඒ කිට්ටුවද?? මං කඩවත..

    ReplyDelete
    Replies
    1. පෝං එකෙන් කෙටුවානන් දන්නවා ඇතිනෙ ආතල් එක මට බ්ලොගර් ඇප් එකෙන් සිංහල පෙන්නෙ නෑ බං කෙලින්ම බ්ලොග් එකට කොටන්නෙ (තිතක්)

      ඉලග පොස්ට් එකෙ ඉදලා උබ කියන විදියට කරන්නන් (තිතක්)

      Delete
    2. අඩෝ.. මං බ්ලොග් ලිව්ව පෝන් කට්ටේත් සිංහල තිබ්බෙ නෑ කියාන්කෝ..
      දුක තේරේ සංසාරේ.......

      Delete
  3. එදා දින්නේ නැති එකමයි හොඳ නැත්නම් ලොකු ගානක් අතට හම්බුනානම් ඇබ්බැහි වෙන්න තිබ්බ ඒක හොඳ දෙයක් නෙවේනෙ (තිත්දෙකයි ඇල ඉර )

    ReplyDelete
    Replies
    1. එහෙනං මං අද වෘර්තීය මට්ටමේ බුරු ක්‍රීඩකයෙක් හැක් (තිතක්)

      Delete
  4. ඔන්න අපිත් ආවා. ඔය සබ්ජෙක්ට් එක ගැන නොදන්න නිසා මොකුත් නොකියමි

    ReplyDelete
  5. අපි ඒකාල ඕබි බැලුව මතක් වෙනව, නේවාසිකාගාරයේදි... හෙට මොන විභාගෙ තිබ්බත් රෑට ඕබි බලන්න අපේ කෙල්ලො සෙට් එක පුරුඩු වෙලා හිටිය...හිතාගත්තැකිනේද ඇබ්බැහි වෙලා තිබ්බ තරම. පොඩි වෙනසකටත් එක්ක අපිනම් සල්ලිවලට නෙවෙයි සෙල්ලම් කලේ :)

    ReplyDelete
    Replies
    1. කට්ටිය ඔමී විතරනේ බැලුවේ (ප්‍රශ්නාර්ථයක්)

      නෑ මං ඇහුවේ ජුස් එහෙම පටවවුවේ නැද්ද කියලා (තිතක්)

      Delete
    2. ෆලෝවු බටෝන් එක හයිකරගන්ටකෝ බ්ලොග් එකට ඔයාගේ (තිතක්)

      Delete
  6. පට්ට කතාව සහෝ,
    බූරු ගැහිල්ලෙදි අළුතෙන් යන එවුන් කොහොමත් දිනනවා එක අර වෘත්තීය එවුන්ගේ ප්ලැන් උන් මුලින්ම අළුතෙන් එන එකාට දිනන්න දෙනවා,පස්සේ අන්තිම සතේට යනකම් හුරගන්නවා,තව බූරු ගහද්දි දිනන ක්‍රම ගොඩක් තියෙනවා ඒ නිසා කවදාවත් එවා ගැන දන්නේ නැතුව වෘත්තීය මට්ටමේ පොරවල් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා අඩුම ගානේ ඕමිවත් එවා දිනන්නත් ලේසි ක්‍රම තියෙනවා,මෙවාට වෙනම ක්ලාස් එකක් දාන්න ඕනා ඉතිං කියලා දෙනවානම්,
    ලස්සනට ලියලා තියෙනවා සහෝ දිගටම ලියමු,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. රස්තියාදුවා ඒ ගැන ගොඩක් දෙවල් දන්නවා වගේ මාත් පහුවෙද්දි ගොඩක් දෙවල් දැනගත්තා පස්සේ මට තෙරුනා බුරුවා වුනේ මං කියලා ආයෙත් ඉතින් බුරු වැඩ කරන්නේ නෑ (තිතක්)

      වෙල්කම් ඈ මේ පැත්තේ ආපු එකට (තිතක්)

      Delete
  7. මන් බ්ලොග් එක පටන් ගන්න කොට මට ලැප් එකක් තිබුනේ නෑ.. බ්ලොග් එක හැදුවේ ඔක්කොම කර ගත්තේ ෆෝන් එකෙන්, මන් දාපු මුල් පෝස්ට් 16ම දැම්මේ ෆෝන් එකට පින් සිද්ද වෙන්න තමයි. දන් පෝස්ට් එක ලැප් එකෙන් දාලා.. ෆෝන් එකෙන් තමයි බ්ලොග් කියවලා කොමෙන්ට් දාන්නේ... හැබැයි මටනම් බ්ලොග් ලියන්න ෆෝන් එක එච්චර අවුලක් උනේ නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් අවුලක්ම නෑ බං ටිකක් වෙලාව ඇරන් මහන්සි වෙන්ට වෙනවා පොස්ට් එකක් දාන්ට ආයේ ඉතින් ලියලා ඉවරවෙලා වැරදුන තැන් හරි එකතු කරන්ට ඔන දෙවල්හරි හරිගස්සන්ට බෑ සිංහල පෙන්නෙ නැතිහින්දා (තිතක්)

      Delete
  8. මමත් කවදාවත් සල්ලි වලට කිසිම ඔට්ටුවක් අල්ලලා නෑ.ඉස්කෝලේ කාලේ බූරුවා, ඕමි ගැහුවා.ඒත් කවදාවත්ම සල්ලි වලට නෙමෙයි.අනිත් එවුන් සල්ලි වලට සෙල්ලම් කරනවානම් මම එතනින් නැගිටිනවා.ඒ අම්මට වුන පොරොන්දුවක් නිසා.එයා මගෙන් ඉල්ලලා තියෙන්නේ ජාති දෙකක් විතරයි.
    01.කවදාවත් කෙල්ලෙක්ව, ගෑණියෙක්ව රවට්ටන්න එපා.
    02.කවදාවත් සූදු කෙළින්න එපා.
    කොච්චර මදාවියා උනත් ඔය පොරොන්දු 2ක කඩන්න හිතිලම නෑ තාම.ඒ වෙන අයට තියන ආදරේ නිසා නෙමෙයි.අම්මට තියන ආදරේ නිසා.

    ReplyDelete
    Replies
    1. මාත් අම්මාට පොරොන්දු වුනා එදායින් පස්සේ ආයෙමත් සූදු ගහන්නේ නෑ කියලා (තිතක්)

      Delete
  9. රංගන, අලුත් බ්ලොගට සුබ පැතුම්. මමත් ඔය සූදු කෙලියටනම් නෑ. හැබැයි ඕමි, 304 වගේ සෙල්ලම් නම් ආසාවෙන් කරනවා.

    ඊලඟ පෝස්ටුවෙදිත් හමු වෙමු.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි යාලුවා මාත් ඉතින් දැන් ඕවාට නෑනේ (තිත්දෙකයි තුන)

    නැවත හමුවෙමු (තිතක්)

    ReplyDelete
  11. මම තාම ඔය සෙල්ලමට බැස්සේ නැ. දිනපු ගමන් මාරු උනා නම් වැඩේ ගොඩ නේද සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. දිනාගෙන මාරවෙන්ට දෙන්නෙ නෑ බං එකනෙ අවුල (තිතක්) මෙවාට හුරුවෙන්ටත් එපා සහෝ කවදාවත් (තිතක්)

      Delete
  12. සමාවෙන්න ඕනෙ මේ පැත්තේ එන්න පරක්කු වුණාට . සුරා සූදුවෙන් තොර කතාවකුත් ඕන සහෝ . හැබැයි මේ ලියලා තියෙන විදිහ නම් නියමයි. දිගටම ලියන්න සහෝ . ජයවේවා !!!

    ReplyDelete
  13. කතාව ලියල තියන ස්ටයිල් එකනන් මරු සහෝ...බූරු ගැහිල්ල ගැන පොඩි පොඩි අත්දැකීම් තිබ්බට විස්තරයක් කියන්ඩ තරන් දන්නෑ.....ජය

    ReplyDelete
  14. ඉට්ටයිල් එක මල් හතයි කොල්ලෝ.

    ReplyDelete