Monday, February 1, 2016

උබලා අපි වගේ ආතල් ඇරන් නෑ මල්ලී (තිතක්)

ආසාවට බ්ලොග් කට්ටක් අටවගත්තාට ආයෙත් මොකුත් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ අපේ අයියලා ලියන ලියැවිල්ලට අපි ලියන්නෙ මොනවාද කියලා හිතුන හින්දා ඩ්රැකී කියන බ්ලොක් වීරයා කියලා තියෙනවා දැක්කා ලියන්නා ලියැවිල්ලෙන්ම අදුරගන්ට පුලුවන් කියලා ඒක දැක්කම ලියන එක පොඩ්ඩක් නවත්තලා කියවන්ට හුරුවෙලා හිටියේ අවුලක් නෑ මේක ලියලා නවත්තනවා මාව අදුරගත්තට කමක් නෑ (තිත්දෙකයි කැපිටල් ඩී)

             මේ ඊයේ පෙරෙදා අපේ මල්ලිත් එක්ක සුහද සාඛච්චාවක යෙදිලා ඉද්දි මගෙ කටින් පිට වෙච්ච දෙයක් තමයි හෙඩ් ලයින් එකට යොදාගෙන තියෙන්නෙ මල්ලිට ඕක එහෙම කිවුවට මොකද අපිට කලින් ආතල් ඇරගත්ත අයියලා ඔය විදියටම අපිටත් කිවුවානේ (තිත්දෙකයි තුන)

                  ළමා කාලේ ආතල් කිවුවාම ඉතින් ඉස්කොලේ ගියපුකාලේ තමයි ඉස්සල්ලාම මතක්වෙන්නේ ඒ කාලේ ගත්ත ආතල් මතක් වෙනකොට මොකටද ලොකු වුනේ කියලා වෙලාවකට හිතෙනවා ඒ කාලේම ඉන්ට තිබ්බානම් කොච්චර සෝක්ද නෙහ් (ප්රශ්නාර්තයක්)

                 මගේ හොදම යාලුවා වුනේ පුෂ්පකුමාර මනුස්සයයි මායි තමා හැම දෙකින්ම ඉස්සරහින් හිටියේ (ඉගෙනිමින් හැර) ඉස්කොලේ ක්‍රීඩා උත්සවේ තියෙන කාලෙට අපි දෙන්නා එකම නිවාසෙට වැටෙන්නෙ ඇයි කියලා අපි දන්නෙත් නෑ කොහොමහරි කාටවත් බෑ අපි දෙන්නාව වෙන්කරන්ට කියලා කවුරුත් දන්නවා මේක යාලුකමක් නෙවේ සමහරවිට සහෝදර බැදිමක් වෙන්ට ඇති (තිත්දෙකයි ඇල ඉරක්)

                ක්‍රීඩා උස්සව කාලේට ඉතින් තම තමන්ගේ නිවාස වලින් නිර්මාණාත්මක නිවාසයක් හදන්ට ඔනනේ ඕකට ඉතින් සතියක් විතර කලින් ඉදලාම ලෑස්ති වෙනවා පොල් අතු කපන්ට පුවක් ගස් කපන්ට මාන හොයන්ට එහෙම රාජකාරි ගොඩයි මොනවා උනත් අපි මේ දවස්වල හිනාවෙලාමයි ඉන්නේ මහන්සියක් දැනෙන්නෙම නෑ මොකද අපි සෙවනගල ටෝෆී (මදනමෝදක) කන්ට පුරුදු වෙලා හිටියෙ

                අපේ නිවාසේ කොල්ලො ටිකත් සෙට් වෙලා ගියා පොල් අතු ටිකක් කපාගෙන එන්ට යමින් ගමන් ටෝෆී එකක් කටේ දාගෙන යන්ටත් අමතක කරෙ නෑ ගස් නගින්ට පුලුවන් උන් ගස් යවලා උන් කපන අතු එකතු කරන්ට තිබ්බේ වෙලාව රෑ 8ට විතර ඇති ඒ ලගම තියෙනවා අපේ ඉස්කොලේ ගණිතය උගන්නන ටිචර්ගේ ගෙදරත් අරුන් අතු කපනකන් අපි සෙට් එක ගියා ටිචර්ගේ ගෙවල් පැත්තේ (තිත්දෙකයි තුන)

            ටිචර් හෙන ලස්සනයි කසාද බැදලා අවුරුදු 10ක් විතර වෙනවාලු තාම ළමයි නෑ ඒ වුනාට මහත්තයගෙ වැරැද්දක් කියලා තමයි කටකතා ගියේ අපි හොරෙන් හොරෙන් ගිහින් විදුරු ජනෙලේන් බලාගෙන හිටියා කාබරේ ලයිට් දාලා හින්දා කලු පාටට හෙමලයා පෙනවා විනාඩී 10ක් විතර ගියා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ

                 ඉවසලා ඉවසලා බැරිම තැන අපි එන්ට ලෑස්තිවෙද්දි පුෂ්පකුමාරයා හයියෙන්ම කියපි උඩ බලාගෙන බුදියගත්තාට ළමයි හම්බෙන්නෙ නෑ මහත්තයෝ කියලා වසලා හමාරයි ගේ ඇතුලේ හිටපු ටිචර්ගේ මහත්තයාට ඒක ඇහුනා මනුස්සයා කුනුහබ්බයක් කියාගෙන එලියට එද්දි අපි එතනින් පැනගෙනත් ඉවරයි

               අපි දුවගෙන එනවා දැකලා පොල් ගහේ නැගලා හිටපු සමීර කියලා කොල්ලෙක් භය වෙච්ච පාර ගහේ මුදුනේ ඉදලම බිමට පැනලා කකුල තුවාලත් වෙලා ඇවිදගන්ටවත් බෑ මේ රෑ ත්‍රීවිල් එකක්වත් හොයාගන්ට නෑ වටෙටම කෝල් කරලා අන්තිමේ ත්‍රීවිල් එකක් හොයාගෙන ඉස්පිරිතාලෙට යද්දී වෙලාව රෑ10ත් පහුවෙලා තිබුනා

           සමීරව ඉස්පිරිතාලෙ නවත්තගත්තා අපි භයවෙලා හිටියේ සමීර ගැන නෙවේ ගණිතය ටිචර්ට අපි කරපු වැඩේ මාට්ටුවෙයි කියලා ඉලග දවසේ කුතුහලයෙන් ඉස්කොලේ ගියේ මේවා ගෙවල් වලට ආරංචී උනොත් ගමෙත් වසලා හමාරයි ඇයි ඉතින් මෙහෙම දෙවල් ගුරුවරයෙක්ට කරන්ට හොදයිද (ප්රශ්නාර්තයක්)

                  ගණිතය ටිචර්ව මග ඇරලා ඉන්ට පුලුවන් තරන් උත්සාහ කරත් එක කරන්ට බැරි වුනා ටිචර්ම ආවා අපිව හොයාගෙන ඇවිත් වෙන මොකුත් ඇහුවෙ නෑ සමීරගෙ විස්තර විතරයි ඇහුවේ අපිට පුදුමයි වෙච්ච දේට ටිචර්ට අපි ගැන සැකයක් නෑ එත් වුන දෙට අපේ හිතට හොද මදි ආයෙත් එහෙම වැඩ කරන්නෙ නෑ කියලා හිතාගත්තා කාලේකට (තිත්දෙකයි කැපිටල් ඩී)

              අපේ මල්ලිලත් කවදාහරි දවසක එගොල්ලන්ගෙ බාල පරම්පරාවට කියයි අපි තරන් උබලා ආතල් ඇරන් නෑ මල්ලී කියලා

15 comments:

  1. ඔන්න සහෝදරයා මාත් ආවා. අර ලින්ක් එකක් දාන හැටි ගෙන අහලා තුබුනා නෙව මම දාන හැටි දන්නවා උනාට කියලා දෙන්නනම් තෙරෙන්නෑ.. සොරි හොදේ.. මගේ කපුවාගේ උපාය පෝස්ට් එකේ ඩ්‍රැකීයා දාපු කොමෙන්ට් ටික බලලා තේරුම් ගන්න පුලුවන් වෙයි මචන් මාත් ඒකෙන් තමයි ඉගන ගත්තේ..

    කතාව කියෙව්වෙත් නෑ ඒක කියවලා එන්නම්...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක්ක ලින්ක් එක දාන්නේ මෙන්න මෙහෙම

      මෙතන මාතෘකාව දාන්න

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. .<.a. .h.r.e.f.="මෙතන ලින්ක් එක".>.මෙතන මාතෘකාව.<./.a.>.

      මේ උඩ තියෙන තිත් සේරම ඉවත් කරන්න. පොඩි ට්‍රික් එකක් කළේ. නැත්නම් උඩ කමෙන්ට් එකේ වැඩේම වෙනවා.

      Delete
    4. සූදීක අයියේ මේකනම් ගොඩක් වැදගත්... බොහොම ස්තුතියි.

      Delete
    5. බොහොම ස්තුතියි දෙන්නටම (තිත්දෙකයි වරහන වැහුවා)

      Delete
  2. උබේ බ්ලොග් එකට ආවා නිසා අපේ පරණ කතා ගානක් මතක් උනා.
    මගේ පුරුද්ද බොලාටත් තියෙනවා වගේ කියවන්නෙම නැතුව පෝස්ට් එක දාන එක.
    කතාවනම් මරු.. මට තේරුම් නැති කිහිපයක් තියෙනවා. ඔය වරහන් වල දාන සමහර එව්වා මම දන්නෑ..

    මදනමෝදක කාලා හිනා වෙවී ඉන්නවා ඇති නේ....

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් හිනාවෙලා ඉන්න ළමයි (තිත්දෙකයි කැපිටල් ඩී)

      Delete
  3. මේ විදියට තිත් දෙකයි ඩී කියන්න ගියොත් ඕක කාඩ් එක වෙන්නත් බැරි නෑ රජෝ.

    ReplyDelete
    Replies
    1. සුදික අයියා කියනවානන් නවත්තන්නන් (තිත්දෙකයි ඇලඉරක්)

      Delete
  4. තිත් දෙකයි ඩී :D ...තිත් දෙකයි පී :P ...තිතයි කොමාවයි වරහනෙන් බාගයයි ;) ...

    හික්ස් මගේ පෝස්ටු වලට මෙහෙම ලියන්න ගියොත් පෝස්ටුවෙන් බාගයක්ම ඉවරවෙයි මගෙත් වැඩේම :) ;) :D :P මේවා දාන එකනෙ ... හැබැයි මේ විදිහත් මාරු ...

    ReplyDelete
    Replies
    1. හුරුවුනාම වැඩිය ගානක් නෑ (තිත්දෙකයි සිම්පල් පී)

      Delete
  5. තිත් දෙකයි ඩී :D ...තිත් දෙකයි පී :P ...තිතයි කොමාවයි වරහනෙන් බාගයයි ;) ...

    හික්ස් මගේ පෝස්ටු වලට මෙහෙම ලියන්න ගියොත් පෝස්ටුවෙන් බාගයක්ම ඉවරවෙයි මගෙත් වැඩේම :) ;) :D :P මේවා දාන එකනෙ ... හැබැයි මේ විදිහත් මාරු ...

    ReplyDelete
    Replies
    1. හුරුවුනාම වැඩිය ගානක් නෑ (තිත්දෙකයි සිම්පල් පී)

      Delete
  6. ජනේලෙන් බලාහිටිය එකට මොකුත් කිව්වට වැඩක් නැත්තෙ උඹ අසහන කාරය කියලා පිළිඅරන් තියෙන හන්දා. :)

    ReplyDelete